දුරකථන අලෙවිසැල
ගැටලුව :
ගෙවීමට ලබා දුන් ජංගම දුරකථන වල විස්තර හා මිල දී ගත් පාරිභෝගිකයින්ගේ විස්තර සටහන් කරන ලද්දේ සටහන් පොතකය. පාරිභෝගිකයෙකු ආයතනය වෙත පැමිණි පසු ඔහු මිල දී ගත් භාණ්ඩයේ විස්තර හා ගෙවීම් සිදුකල ආකාරය, ඉතිරි මුදල වැනි ඉතා වටිනා තොරතුරු සොයා ගැනීමට විශාල කාලයක් වැයවේ.
එමෙන්ම පැමිණි පාරිබෝගිකයා ආයතනය සමග හොදින් ගනුදෙනු කර තිබේද, පෙර ලබා ගත් භාණ්ඩ නිසි ලෙස ගෙවීම් කර තිබේද යන්න සොයා ගැනීමට නොහැකි වීම වැනි ගැටළු ආයතන හිමිකරුගේ හා සේවකයින් සතුව තිබු ගැටළු විය.
විසදුම :
පරිශිලනයට පහසු එමෙන්ම ජංගම දුරකතනයෙන් හා පරිගණකයෙන් මෙහෙයවිය හැකි දත්ත පද්දතියක් නිර්මාණය කිරීම.
අන්තර්ගතය :
මෙම යෙදුම මගින් ආයතනයෙන් මිලදී ගත් ජංගම දුරකථන, ස්මාට් ඔරලෝසු මෙන්ම මවුන්ටන් බයිසිකල් වල තොරතුරුද, ඒවා මිලදී ගත් පරිබෝගිකයින්ගේ තොරතුරු ඇතුලත් කිරීමට හැකි වන ලෙස නිර්මාණය කරන ලදී.
විශේෂතා :
- පරිබෝගිකයාගේ හැදුනුම්පත් අංකය හෝ නම ඇතුලත් කරමින් අදාල පාරිබෝගිකය පිළිබද තොරතුරු විමසිය හැකි වීම.
- පරිබෝගිකයාගේ පින්තුරයක් දුරකථනය මගින් එම අවස්තාවේම ලබා ගත හැකි නිසා ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගත හැකිවීම.
- අදාල භාණ්ඩයේ සිරියල් අංකය ජංගම දුරකතනයෙන්ම ස්කෑන් කර අවශ්‍ය තොරතුරු ලබාගත හැකිවීම.
- ගෙවීමට ඇති මුදල පිළිබද මතක් කිරීමක් දුරකථන ඇමතුමක් ලෙස හෝ කෙටි පණිවිඩයක් ලෙස පාරිභෝගිකයාට යෙදුම හරහාම ලබා දීමට හැකි වීම.
- ගෙවීම් සිදුකර යන්නේද නැතිනම් ගෙවීම් සිදුකර අවසානද යන වග, එමෙන්ම ගෙවීමට ඇත්නම් එම ඉතිරි මුදලද එම ස්ථානයෙන්ම ඉතා පහසුවෙන් පරීකෂා කිරීමට හැකිවීම.
මෙම යෙදවුම මගින් ඇතුලත් කරන ලද දත්ත ආයතනයේ හිමිකරු වෙත ලොව ඕනෑම ස්ථානයක සිට අධ්‍යනය කිරීමට හැකිය. එමෙන්ම ජංගම දුරකතනය යම් දෝෂයක් නිසා මාරු කිරීමට හෝ යෙදවුම ඉවත්වීමක් හෝ සිදුවුවහොත් නැවත යෙදවුම ස්ථාපනය මගින් අදාල තොරතුරු විනාශ වීමක් තොරව පරිශීලනය කල හැක.

